බලුච් විරෝධතා මර්දනය ගැන ක්ෂමා සංවිධානයේ කනස්සල්ල

බලුච් කේන්ද්‍ර කරගනිමින් හටගන්නා සිවිල් විරෝධතාවලට පොලිස් මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දැඩි කනස්සල්ල හිමි ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; පාකිස්තානයේ ලියාරි හි බලුච් විරෝධතා මේ දිනවල උත්සන්න වී ඇති බවයි.

බලුච් යක්ජෙහ්ටි කමිටුව (BYC) විසින් සංවිධානය කරන ලද සාමකාමී බලමුලු ගැන්වීමේ ව්‍යාපාරයක් අතරතුර, කරච්චි – ලියාරි හි විරෝධතාකරුවන්ට එල්ල කළ “දැඩි පොලිස් මර්දනය” දකුණු ආසියානු ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් හෙළා දැක තිබෙනවා.

X හි සටහනක් තබමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පැවසුවේ; බලුච් අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් පැවති විරෝධතාවට අධික පොලිස් බලයක් එල්ල වූ බවත්, පොලිසිය කාන්තාවන් කිහිප දෙනෙකු පැය ගණනක් රඳවා තබාගෙන නිදහස් කළ බවයි.

BYC හි මධ්‍යම නියෝජ්‍ය සංවිධායක ලාලා වහබ් බලුච් ඇතුළු පිරිමි විරෝධතාකරුවන් 09 දෙනෙකු කිසිදු විධිමත් චෝදනාවක් ගොනු නොකර රඳවා තබාගෙන සිටින බවටත් පොලිසියට චෝදනා එල්ල වී තිබෙනවා.

ජනවාරි 25 වන දින බලුකිස්තානයේ ඩල්බන්ඩින් හි පැවැත්වීමට නියමිත රැලියට පෙර බලුච් ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් හිරිහැර කිරීමේ සහ බිය ගැන්වීමේ ප්‍රවණතාව ඉහළ යාම පිළිබඳව මානව හිමිකම් සංවිධානය අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

සාමකාමී විසම්මුතිය මැඩපැවැත්වීමේ පැහැදිලි උත්සාහයක් ලෙස බලධාරීන් ඔවුන්ගේ උත්සාහයන් තීව්‍ර කර ඇති අතර, BYC නායකයින්ට එරෙහිව අපරාධ නඩු පවරා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?