බලුච් විරෝධතා මර්දනය ගැන ක්ෂමා සංවිධානයේ කනස්සල්ල

බලුච් කේන්ද්‍ර කරගනිමින් හටගන්නා සිවිල් විරෝධතාවලට පොලිස් මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දැඩි කනස්සල්ල හිමි ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; පාකිස්තානයේ ලියාරි හි බලුච් විරෝධතා මේ දිනවල උත්සන්න වී ඇති බවයි.

බලුච් යක්ජෙහ්ටි කමිටුව (BYC) විසින් සංවිධානය කරන ලද සාමකාමී බලමුලු ගැන්වීමේ ව්‍යාපාරයක් අතරතුර, කරච්චි – ලියාරි හි විරෝධතාකරුවන්ට එල්ල කළ “දැඩි පොලිස් මර්දනය” දකුණු ආසියානු ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් හෙළා දැක තිබෙනවා.

X හි සටහනක් තබමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පැවසුවේ; බලුච් අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් පැවති විරෝධතාවට අධික පොලිස් බලයක් එල්ල වූ බවත්, පොලිසිය කාන්තාවන් කිහිප දෙනෙකු පැය ගණනක් රඳවා තබාගෙන නිදහස් කළ බවයි.

BYC හි මධ්‍යම නියෝජ්‍ය සංවිධායක ලාලා වහබ් බලුච් ඇතුළු පිරිමි විරෝධතාකරුවන් 09 දෙනෙකු කිසිදු විධිමත් චෝදනාවක් ගොනු නොකර රඳවා තබාගෙන සිටින බවටත් පොලිසියට චෝදනා එල්ල වී තිබෙනවා.

ජනවාරි 25 වන දින බලුකිස්තානයේ ඩල්බන්ඩින් හි පැවැත්වීමට නියමිත රැලියට පෙර බලුච් ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් හිරිහැර කිරීමේ සහ බිය ගැන්වීමේ ප්‍රවණතාව ඉහළ යාම පිළිබඳව මානව හිමිකම් සංවිධානය අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

සාමකාමී විසම්මුතිය මැඩපැවැත්වීමේ පැහැදිලි උත්සාහයක් ලෙස බලධාරීන් ඔවුන්ගේ උත්සාහයන් තීව්‍ර කර ඇති අතර, BYC නායකයින්ට එරෙහිව අපරාධ නඩු පවරා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05