බලශක්ති ලේකම්වරයා ලබාදුන් සේවා දිගුව ඇමති අවලංගු කරයි

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා ගෙන තිබූ තීරණය විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අවලංගු කර තිබෙනවා.

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. නිරෝෂන්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල විසින් පසුගියදා 15 වෙනිදා කටයුතු කර තිබුණා.

ඒ, අනුව අමාත්‍යාංශ ලේකම්වරයා, විදුලිබල අංශ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එච්.පී. නිරෝෂන් වෙත ලිපියක් මඟින් ඒ බව දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව ලබාදුන් මෙම සේවා දිගුව වහාම ක්‍රියාත්මක කරන පරිදි අවලංගු කරන ලෙසට අමාත්‍යවරයා ලිපියක් යොමු කරමින් උපදෙස් දී තිබෙනවා.

අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ එවැනි සේවා දීර්ඝ කිරීමක් සඳහා අනුමැතිය ඉල්ලා සිටීම ද වැරදි නිරූපණයක් ඇති කරන්නක් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
14
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?