විදුලිබල මණ්ඩල සේවකයන්ට රතු එළියක් (වීඩියෝ)

සේවාවලට බාධා කරන හෝ මණ්ඩලයේ කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියා කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ,ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිසංස්කරණ, අනුමැතිය සඳහා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කරනු ඇතැයි ඔහු නිකුත් කළ ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන්.

ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් තෙදින විරෝධතා මාලාවක් අද ආරම්භ කළා.
ඒ සියළු සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම්දෙනතුරු අවලංගු කර තිබියදීයි.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා ගැසට් කෙරුණු අතර එහි දෝෂ රැසක් තිබීම හේතුවෙන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ නැහැ.

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද දහවල් 12 සිට දින 3ක විරෝධතාවක් සූදානම් කර තිබුණේ ඊට එරෙහිවයි.

කෙසේ වෙතත් සියළු සේවකයින්ගේ නිවාඩු ඊයේ සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වා චක්‍රලේඛයක් නිකුත් කළා.

රටට අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලයට පැවරී ඇති ජාතික වගකීම සහ 2023 දෙසැම්බර් 18 වැනි දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මගින් විදුලිය අත්‍යවශය සේවාවක් බවට පත්කර ඇති බව සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව අදාල චක්‍රලේඛයේ සඳහන්.

කෙසේ වෙතත් අත්‍යවශය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට හෝ අංශයට අනියුක්ත පළමුවන පන්තියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින් හට නිවාඩු ලබා ගත හැකියි.

කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පැවසුවේ අසනීප නිවාඩු වාර්තා කර හෝ අද සිට තෙදිනක් විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවයි.

ඒ අනුව විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද පස්වරුවේ විරෝධතාව ආරම්භ කෙරුණා.

ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ දිවයින පුරා පිහිටි කාර්යාලවල සෑම ක්ෂේත්‍රයකටම අයත් සේවක සේවිකාවන් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27