බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන කිහිපයක් විකිණීම සඳහා ටෙන්ඩර්පත් කැඳවා තිබෙනවා.
ඒ, අනුව ලංසු ඉදිරිපත් කරන සෑම වාහනයක් සඳහාම වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතු අතර, ආපසු නොගෙවන රුපියල් 5000 ක මුදලක් ගෙවා අංක 437, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි බලශක්ති අමාත්‍යංශයෙන් අදාළ අයදුම්පත් ලබාගත හැකි බවයි එම අමාත්‍යංශය පවසන්නේ.
එලෙස අයදුම්පත් ලබාගත් අයට ඉහත ලිපිනයේ සහ අංක 80, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07 ලිපිනයේදී එකී වාහන පරීක්ෂා කර බැලීමේ හැකියාව පවතිනවා.
තම තමන්ගේ මිල ගණන් දක්වා සම්පූර්ණ කරන ලද අයදුම්පත් ආපසු ගෙවනු ලබන රුපියල් 50,000ක ආරක්ෂක මුදල් තැන්පතුවක් සහිත රිසිට්පත ද සමඟ 2025.07.16 දින පෙරවරු 10.00ට පෙර අමාත්‍යංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලිය යුතු වනවා.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර 0112 574740 හා 0112 574941 යන දුරකථන අංක ඇමතීමෙන් හෝ energymin.gov.lk වෙබ් අඩවිය මගින් ලබා ගත හැකි බවයි බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළේ.
ටෙන්ඩර්පත් කැඳවා ඇති වාහන වර්ග පිළිබඳ විස්තර පහතින්.






