AFC Banner
AFC Banner
Empty Ad

බලයෙන් පහකළ දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට අනුමැතිය

දෝෂාභියෝගයකින් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණයක් අනුමත කර තිබෙනවා.

දකුණු කොරියානු ජනාධිපතිවරයෙකුට අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

දකුණු කොරියාවේ දූෂණ විරෝධී ඒජන්සිය පැවසුවේ, දෙසැම්බර් 03 වනදා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බලය අයුතු ලෙස භාවිත කිරීම සහ කැරැල්ලක් මෙහෙයවීම යන චෝදනා මත පරීක්ෂණයකට මුහුණ දී සිටින යූන් සුක් යෙයෝල් සඳහා සෝල් බටහිර දිස්ත්‍රික් අධිකරණය වරෙන්තුව අනුමත කළ බවයි.

සාමාන්‍යයෙන් දින හතක් ඇතුළත එරට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ක්‍රියාත්මක කළ යුතු නමුත්, එය දීර්ඝ කළ හැකි බව ද දූෂණ විරෝධී ඒජන්සිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?