බරැක් ඔබාමාගේ කෙන්යානු මිත්තණිය මිය යයි

ඇමෙරිකාවේ හිටපු ජනපති බරැක් ඔබාමාගේ මිත්තණියක වන කෙන්යාවේ පදිංචි වී සිටි සාරා ඔබාමා අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

99 හැවිරිදි වියේ පසුවූ ඇය රෝහලකදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. බරැක් ඔබාමා ආදරයට ඇයට අමතා තිබෙන්නේ ග්‍රැනී සාරා යන නමිනුයි. 2008 වසරේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර බරැක් ඔබාමා ඇමෙරිකාවේ උපත නොලැබූ මුස්ලිම් ජාතිකයෙකු බවට චෝදනා එල්ල වෙද්දී ඔබාමා වෙනුවෙන් සාරා ඔබාමා පෙනී සිටියා.

පසුව බරැක් ඔබාමා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත් වීමෙන් පසු සාරාගේ නිවස සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවටද පත් වුවා. බරැක් ඔබාමාගේ සීයාගේ තුන් වන සහ ලාබාලතම බිරිඳ වූයේ සාරා ඔබාමායි.

ඇය කෙන්යාවේ කිසුමු නගරයේ රෝහලකදී මියගොස් ඇති අතර සාරා ඔබාමා සතියක පමණ කාලයක් රෝගී තත්ත්වයෙන් පසුවූ බවයි. කෙසේ නමුත් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?