බරැක් ඔබාමාගේ කෙන්යානු මිත්තණිය මිය යයි

ඇමෙරිකාවේ හිටපු ජනපති බරැක් ඔබාමාගේ මිත්තණියක වන කෙන්යාවේ පදිංචි වී සිටි සාරා ඔබාමා අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

99 හැවිරිදි වියේ පසුවූ ඇය රෝහලකදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. බරැක් ඔබාමා ආදරයට ඇයට අමතා තිබෙන්නේ ග්‍රැනී සාරා යන නමිනුයි. 2008 වසරේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර බරැක් ඔබාමා ඇමෙරිකාවේ උපත නොලැබූ මුස්ලිම් ජාතිකයෙකු බවට චෝදනා එල්ල වෙද්දී ඔබාමා වෙනුවෙන් සාරා ඔබාමා පෙනී සිටියා.

පසුව බරැක් ඔබාමා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත් වීමෙන් පසු සාරාගේ නිවස සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවටද පත් වුවා. බරැක් ඔබාමාගේ සීයාගේ තුන් වන සහ ලාබාලතම බිරිඳ වූයේ සාරා ඔබාමායි.

ඇය කෙන්යාවේ කිසුමු නගරයේ රෝහලකදී මියගොස් ඇති අතර සාරා ඔබාමා සතියක පමණ කාලයක් රෝගී තත්ත්වයෙන් පසුවූ බවයි. කෙසේ නමුත් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20