logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

බයිඩ්න්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ට්‍රම්ප් ප්‍රසිද්ධ විවාදයක දී පතුරු ගසයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා ඔහුගේ ප්‍රතිවාදියා වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන විවාදය ඊයේ (27) රාත්‍රියේ ආරම්භ වුණා.

කෙසේ වෙතත් ජනපති බයිඩන් ඔහුට නියමිත කාලය අවසන් කිරීමට නැවත නැවතත් අපහසුතාවන්ට පත්වන ආකාරය දැක ගැනීමට හැකි වූ අතර ඔහුට කතා කිරීමට තවත් කාලය ඇති බව විවාදයේ පරිපාලකයින් විසින් මතක් කිරීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, ඊයේ සවස් වරුව වනවිට බොහෝ ඇමරිකානුවන් ජෝ බයිඩන්ගේ වයස පිළිබඳව සහ වැඩ කිරීමට හැකි යෝග්‍යතාවය පිළිබඳව කනස්සල්ල පළ කර තිබෙන බව ද සඳහන්.

මීට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ආර්ථිකය සහ ඔහුගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව බයිඩන්ට නැවත නැවතත් පහර දුන්නා.

2020 දී ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය වීමෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන ජෝ බයිඩ්න් සහ රිපබ්ලිකානුවෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකාට අභියෝග කරන දෙවන අවස්ථාව මෙය‍යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?