බයිඩ්න්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ට්‍රම්ප් ප්‍රසිද්ධ විවාදයක දී පතුරු ගසයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා ඔහුගේ ප්‍රතිවාදියා වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන විවාදය ඊයේ (27) රාත්‍රියේ ආරම්භ වුණා.

කෙසේ වෙතත් ජනපති බයිඩන් ඔහුට නියමිත කාලය අවසන් කිරීමට නැවත නැවතත් අපහසුතාවන්ට පත්වන ආකාරය දැක ගැනීමට හැකි වූ අතර ඔහුට කතා කිරීමට තවත් කාලය ඇති බව විවාදයේ පරිපාලකයින් විසින් මතක් කිරීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, ඊයේ සවස් වරුව වනවිට බොහෝ ඇමරිකානුවන් ජෝ බයිඩන්ගේ වයස පිළිබඳව සහ වැඩ කිරීමට හැකි යෝග්‍යතාවය පිළිබඳව කනස්සල්ල පළ කර තිබෙන බව ද සඳහන්.

මීට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ආර්ථිකය සහ ඔහුගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව බයිඩන්ට නැවත නැවතත් පහර දුන්නා.

2020 දී ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය වීමෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන ජෝ බයිඩ්න් සහ රිපබ්ලිකානුවෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකාට අභියෝග කරන දෙවන අවස්ථාව මෙය‍යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14