බයිට් ගේන්න ගිය පුද්ගලයා කිඹුල් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

කිඹුලෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60ක පදවිය, ශ්‍රී පුර, ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා ඊයේ (05) පස්වරුවේ තවත් දෙදෙනෙකු සමඟ මොර ඔයෙන් එගොඩ වී රංජිත් මංකඩ ප්‍රදේශයේ දී මත්පැන් පානය කර තිබෙනවා.

එහිදී අදාළ පුද්ගලයා කඩගැස්ම සඳහා නිවසේ තිබූ මස් වර්ගයක් රැගෙන ඒමට නවතා ඔයෙන් එගොඩවීමට උත්සාහ කළ අවස්ථාවේ දී කිඹුලෙකු විසින් ඔහුව ඩැහැගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එම පුද්ගලයාගේ සිරුර සොයා ගැනීමට හැකිව ඇති අතර, ඒ වනවිටත් සිරුරෙන් කොටසක් කිඹුලා විසින් කා දමා තිබෙනවා.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමේ පසු අනුරාධපුර රෝහල වෙත යොමු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රී ඩ්‍රයිවින් ගැන ගැම්මට කිව්ව කතාව.."මමත් හොඳ ඩ්‍රයිවර් කෙනෙක්"
01:47
Video thumbnail
අර මල්කාන්ති මට හැමදාම කතා කරනවා..ඒ වැටලීම කරන්න..වටගල කිව්ව සැර කතාව
05:16
Video thumbnail
Highway එකේදි තෙල් නැතුව නැවතුණ තෙල් බවුසරයට.."මේකෙන් මිනිස්සු අසරණ වෙනවා"
03:00
Video thumbnail
නිසල සිරුරත් සමඟම ඉන්ධනහලට ආ මල්ශාලා රථය.."තෙල් නැතුව නතර වුණා මහත්තයා"
00:41
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න
01:37
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ඇතිවන බලපෑම අනිල් ජාසිංහ හෙළිකරයි..විජලනය, උෂ්ණතා ආබාධ ඇතිවීමේ අවදානමක්
04:16
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ෂෙඩ් එක ඇතුළේ කළු බිස්නස් එකක් යනවා..රු.200 ෆුල් ටෑන්ක් ගහලා දෙනවා
03:14
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31
Video thumbnail
ගැහැණු ළමයෙක් ඉස්සරහට ඇවිත් තරුණයෙක් කරපු කැත වැඩේ බලන්නකෝ
00:45