AFC Banner
AFC Banner
Empty Ad

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ තාවකාලික මගී පාලම ජනතා අයිතියට (වීඩියෝ)

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඉදි කළ තාවකාලික මගී ගුවන් පාලම අද ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ සහභාගීත්වයෙන්.

මෙම ස්ථානයේ පැවති දුමරිය පාලම අබලන් බවට කරුණු අනාවරණ වීමත් සමග පසුගිය 9 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණේ නව මගී පාලමක් ඉදි කරන ලෙසටයි.

එලෙස ස්ථිර පාලමක් ඉදි කරන තෙක් මගීන්ට දුම්රිය ස්ථානය වෙත ගමන් කිරීම සඳහා තාවකාලිකව මෙම මගී පාලම ඉදි කර තිබෙනවා.

ඒ අනුවයි රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් මෙම තාවකාලික මගී ගුවන් පාලම ඉදි කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?