මොරගහහේන පොලිස් වසමේ හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයේ නයාගොඩ පාලම අසල පදික මාරුව මත දී කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් කාන්තාවන් දෙදෙනකුගේ හා ගැහැනු ළමුන් දෙදෙනකුගේ ගැටී සිදු වූ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තවත් දෙදෙනකු තුවාල ලැබුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 45 හා 50 හැවිරිදි බණ්ඩාරගම හා මග්ගොන ප්‍රදේශවල පදිංචිකාරිණියන් බවයි.
තුවාල ලැබූවන් 13, 17 හැවිරිදි වයස්වල පසුවන්නියන් වන අතර ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
28 හැවිරිදි කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු බීමත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
1
+1
+1
9
+1
2
+1





