බන්ධාගාර රැඳවියා දුන් ත්‍රස්ත ප්‍රහාර ඔත්තුවේ විශ්වාසනීයත්වයක් නැහැ – පොලීසිය

පල්ලෙකැලේ බන්ධනාගාරයේ සිට මහර බන්ධාගාරය වෙත රැඳවියන් රැගෙන එමින් තිබූ බස් රථයක සිටි රැඳවියෙකු විසින් තැන්නකුඹුර මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරියෙක් වෙත අත්අකුරින් ලියන ලද ලිපියක් දමාගොස් තිබුණා.

එහි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමක් සම්බන්ධයෙන් සටහනක් යොදා තිබූ බවයි පොලිසිය පවසන්නේ.

බන්ධනාගාර ගතව සිටින වෙනත් රැඳවියෙකු විසින් එවැනි සාකච්ඡාවක් සිදුකර ඇති බව එම තොරතුරේ සඳහන්.

මේ සම්බන්ධයෙන් ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය විමර්ශන අරඹා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පවසන්නේ මෙම තොරතුර සහ බුද්ධි තොරතුරු හා සැසඳීමේ දී මෙම තොරතුරෙහි විශ්වාසනීයත්වයක් නොමැති බවට පෙනී යන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බන්ධාගාර රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අධිකරණයෙන් නොයෝගයක් ලබා ගැනීමට ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය කටයුතු කරමින් සිටින බවයි දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?