AFC Banner
AFC Banner
Empty Ad

බන්ධනාගාර වැසිකිළියක් තුළ රැඳවූවෙකු සියදිවි නසා ගනියි (වීඩියෝ)

බන්ධනාගාර රැඳවුවෙක් ඊයේ (14) රාත්‍රී කාලයේ දී සිර මැදිරි පිහිටා ඇති සංකීර්ණයේ තිබෙන වැසිකිළියක් තුළ දී සියදිවි හානිකරගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම සිදු ව ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේ බවයි.

අදාළ රැඳවූවා වැසිකිළියක් තුළ සිය සරමේ පටියකින් ගෙල වැළලාගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙය දුටු බන්ධනාගාරයේ නිලධාරීන් රැඳවියාව සරම් පටියෙන් මුදාගෙන රෝහල්ගත කිරීමට පියවර ගැනුණ ද ඔහු මියගොස් තිබෙනවා.

කැබිතිගොල්ලෑව අධිකරණ නියෝග මත මෙම රැඳවියා ව සිරගත කර ඇත්තේ ද ඊයේ (14) දිනයේ දියි.

මොහු 52 හැවිරිදි කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් වැඩිදු‍ර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?