බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී. කැමරා සවිකරයි

බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී. කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බවත් රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථයකට හෝ කැමරා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ බස් රථයක කැමරා පද්ධතිය කැමරා 7 කින් සහ දර්ශන පථයකින් සමන්විත වන අතර සියලුම වීඩියෝ පටිගත වන බවත් දින අවසානයේ සමස්ත විඩියෝවේ පිටපතක් ගන්නා බවත් බන්ධනාගාර බස් රථ රියදුරෙක් පැවසීය.

කැමරා සවිකිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්‍ෂාවට වඩාත් ප්‍රයෝජනවත් බවත් කැමරා පද්ධතිය බන්ධනාගාරයේ සිට නිරීක්‍ෂණය කිරීමේ හැකිව ද තිබීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට චෝදනා කිරීමේ අවස්ථාව ද අඩු වන බවත් එම රියදුරා වැඩි දුරටත් කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?