බන්ධනාගාර ගතව සිටින කතෝලික රැඳවියන්ට අද විශේෂ අවස්ථාවක්

නත්තල් දිනය වෙනුවෙන් අද (25) දිනයේ දී බන්ධනාගාර ගතව සිටින කතෝලික රැඳවියන්ට පමණක් අමුත්තන් හමුවීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ, අනුව කතෝලික රැඳවියන්හට නත්තල් දින විශේෂ දිනයක් ලෙස සලකා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අමුත්තන් බැලීමට කටයුතු සූදානම් කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කළේ.

එහිදී රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි රැගෙන ඒමට කටයුතු කරන ලෙසත් ඔහු දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !