කොවිඩ් -19 වෛරසය බන්ධනාගාර තුළ පැතිරීම වැළැක්වීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
ඒ අනුව බන්ධනාගාරවල වෛරසය පැතිරීම මේ වනවිට පාලනය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වන විට බන්ධානාගාරවල කොවිඩ් ආසාදිතයින් 246දෙනෙක් හඳුනාගෙන ඇතැයි ද ඒ මහතා පවසයි.
බන්ධනාගාර තුළට අලුතින් එන රිමාන්ඩ් හා සිරකරුවන් වෙනුවෙන් පීසීආර් පරීක්ෂණ නොකඩවා සිදුකරන බවත් ඒ අනුව ඔවුන්ව වෙනම තැනක රඳවා තබා නිරෝධායනයට යොමුකරන බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1