බන්ධනාගාරය ඇතුළෙන් එළියට ආ වීඩියෝව ගැන විමර්ශනයක්

බන්ධනාගාරයක රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රැඳවියෙකු, බන්ධනාගාර සිර මැදිරියක් තුළ ජංගම දුරකථන භාවිත කරමින්, මත්ද්‍රව්‍ය පානය කරමින් සුව පහසු ලෙස රැදී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මධ්‍යයේ සංසරණය වෙනවා.

එම වීඩියෝවේ වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ රැඳවියා සිය ජංගම දුරකථනය නරඹමින් සිටින අවස්ථාවේ දී තවත් රැඳවියෙකු විසින් ඔහුගේ හිස සම්බාහනය කරන ආකාරයයි.

අදාළ වීඩියෝවේ සිටින රැඳවියා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බවයි සමාජ මාධ්‍යයේ තොරතුරු වාර්තා වුණේ.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
35
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?