බන්ධනාගාරයේ සිටින කපිල චන්ද්‍රසේනගෙන් ආන්දෝලනාත්මක දිවුරුම් ප්‍රකාශයක්

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබන 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (19) නියෝග කළා.

කෙසේ වෙතත් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් ඔහුගේ නීතිඥයා මඟින් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව කපිල චන්ද්‍රසේනගේ නීතිඥයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන සම්පූර්ණ දිවුරුම් ප්‍රකාශයේ පහතින්,

දිවුරුම් ප්‍රකාශයයි

කොළඹ 07. ඛාන්ස් පෙදෙස, අංක 71/4 හි පදිංචි කපිල චන්ද්‍රසේන (ජා.හැ. අංක 196433810075) වන මා බෞද්ධාගමිකයකු වශයෙන් සත්‍ය ලෙසත්, අවංකවත්, ගාම්භිරතා පූර්වකව ප්‍රතිඥා දී ප්‍රකාශ කර සිටින වගනම්,

1) ඉහත සඳහන් ප්‍රතිඥා ප්‍රකාශක මම වෙමි.

2) මා ප්‍රකාශ කර සිටින්නේ 2026.03.12 වන දින ප්‍රකාශයක් ලබා දීම සඳහා කරන ලද දැනුම් දීමකට අනුව මාගේ නීතිඥවරයා සමග මා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ගිය බවයි.

3) මා ප්‍රකාශ කර සිටින්නේ මාගේ ප්‍රකාශය සටහන් කරමින් සිටින අතරතුර. මාගේ ප්‍රකාශය සටහන් කරගන්නා ලද නිලධාරියා, ප්‍රකාශය සටහන් කරමින් සිටි කාමරයෙන් පිටතට ගොස් නැවත පැමිණි සර් පොඩ්ඩක් යං ‘ යනුවෙන් මට කතා කර, එකී විමර්ශන අංශය පිහිටා තිබු එම ගොඩනැගිල්ලේ 3 වන මහලෙන් පිටතට රැගෙන ගොස් විදුලි සෝපානයෙන් මා එම ගොඩනැගිල්ලේ 1 වන මහලට රැගෙන ගිය බවත්, මා සමඟ නිලධාරින් දෙදෙනෙකු ගිය බවත්, ඒ යන අතරතුර විදුලි සෝපානය තුළදී මා සමග ගිය එක් නිළධාරියෙක් “ඔය බයිලා කියලා හරියන්නෙ නැහැ. අපිට ඕන දේ කියන්න, නැත්නම් ඇරෙස්ට් කරන්න වෙනවා යනුවෙන් ප්‍රකාශ කළ බවත්, එවිට මා සිද්ධ වුන දේ තමයි මම කියන්නේ. මම බයිලා කියන්නේ නැහැ” ලෙස ඔහුට ප්‍රකාශ කළ බවයි.

4) මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් පසු මා එම ගොඩනැගිල්ලේ 1 වන මහලේ පිහිටි හිස් කාමරයක් තුළට රැගෙන ගොස් මා හට වාසි වීමට සැලැස්වු ‍බවත්, කාමරයට ඇතුලුවන අවස්ථාවේදී තවත් නිලධාරියෙකු එකී කාමරයේ දොර අසල සිටි බවත්, මා සමග ගිය නිලධාරීන් දෙදෙනාද මා වාඩිකර එම කාමරයෙන් පිටත දොර ළඟ රැඳී සිටි බවත්, ඉන් ස්වල්ප වේලාවකට පසු සුදු අත් දිග ෂරට් එකක්. කළු කලිසමක් සහ කළු ටයි පටියක් පැළැඳ සිටි අල්ලස් හා දූෂණ විමරශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රංග දිසානායක මහතා මා සිටි කාමරයට පැමිණි බවත්, එවිට මා සිට ගත් බවත්. ඔහු කාමරයට පැමිණෙන විටම මාගෙන් මාව දන්නවා නේද’ කියා ඇසූ බවත්, මම එවිට “ඔව් සර යනුවෙන් පැවසූ බවත්, ඔහු මා අසල වූ පුටුවේ වාඩිවී මා හට වාඩි වන ලෙස දැවූ බවයි.

5) මා ප්‍රකාශ කර සිටින්නේ මෙම නඩුවේ සිද්ධිමය කරුණු සම්බන්ධයෙන්ම අපරාධ පරීක්ෂ දෙපාරතමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු B 14363/19 අංක දරණ නඩුවේ සැකකරුවෙකු වූ මා හට ඇප ප්‍රධානය කිරීමේ නියෝගය කරන ලද්දේ චරිතමාන අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රංග දිසානායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරනු ලබන අවදියේදී බවත්, ඒ අනුව මම ඔහුව දන්නා බවත්. ඔහු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් වූ පසු රූපවාහිහියෙන්ද මා ඔහුව දැක ඇති බවයි.

6) මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් අනතුරුව එකී රංග දිසානායක මහතා තරර්ජනාත්මක ස්වරයෙන් මා අමතා ” මේ ඔයාගෙ අන්තිම චාන්ස් එක, මීට සති දෙක තුනකට කලින් මේ වගේම කෙනෙක් ආවා, තමුනුත් දන්නව ඇතිනෙ කවුද කියල. දන්නේ නැත්නම් මම කියන්නම්, ඒ කෙහෙළියග නඩුවේ කෙනෙක්. මිහිහට මම වාන්ස් දෙකක් දුන්නා, ගත්තෙ නෑ, මිනිහට ඉන්ඩයිට්මට් දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා, තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා, මහ එකාගෙ නමයි. පොඩ් එකාගෙ නමයි කියනවා, අනික තමුන්ගේ වයිෆ් ගැන” යනුවෙන් පැවසූ බවත්, එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත්, එවට ඔහු ඇයි තේරුනේ නැද්ද, මහින්දයි, නාමලුයි ගැන කියනවා. මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරලම දාන්න. ඒක මං කරනවා. මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දා ගන්න තැනට මම වැඩ කරනවා” යනුවෙන් තරජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි.

7) මා ප්‍රකාශ කර සිටින්නේ ඉන්පසු මා සමග පැමිණි නිලධාරීන් දෙදෙනා නැවතත් මා 3 වන මහලට රැගෙන යන අතරතුර ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් මාගේ නීතිඥවරයාගෙන් උපදෙස් ලබා ගැනිමට අවශ්‍ය බව එම නිලධාරීන්ට දැනුම් දුන් විට “ඔයා ප්‍රකාශෙ දෙන ගමන්නේ තාම ඉන්නේ, ඒ හින්දා ඉවර වෙනකන් නීතිඥ මහත්තයා හම්බවෙන්න දෙන්න බැහැ” යනුවෙන් පැවසු බවයි.

8) මා ප්‍රකාශ කර සිටින්නේ ඉහත තර්ජනය කිරීම හේතුවෙන්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් රූපවාහිනියේ සිදු කරන ලද කතා ඇසීමෙන් ඔහු හරිදේ කරන කෙනෙකු යැයි මාගේ සිතේ ඇදී තිබු ප්‍රතිරූපය නැති වී ගිය බවත්, අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සිදු කරන ලද බලපෑම සහ තර්ජනය හේතුවෙන් මා බයට සහ තැති ගැන්මට ලක් වු බවත්, මා හටද මාගේ ජීවිතය එපා කරවා මා හටද එල්ලී මිය යාමට තරම් මාගේ සිතට දරාගත නොහැකි පීඩනයක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් වරයා විසින් එල්ල කරනු ඇති බවට වු බය නිසා මාගෙන් ප්‍රකාශය ලබා ගත් නිලධාරියාට අවශ්‍ය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේද, මාගේ බරිදගේද නම් ඇතුලුව එම ප්‍රකාශය ලබා දුන් බවයි.

9) මා ප්‍රකාශ කර සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ පාරර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම් සහ ඔවුන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී යම් බලපෑමක් සිදු කළ බව හෝ යම් අයුතු දායකත්වයක් දැක්වු බව හෝ යම් මුදලක් ලබා ගත් බව සහ මාගේ බිරිඳගේ දායකත්වයක් තිබු බවට මාගේ ප්‍රකාශයේ කුමන හෝ ස්ථානයක අඩංගු වේ නම්, එම කරුණු මා ස්වේච්ජාවෙන් සිදු කරන ලද්දක් නොව. එම කරුණු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ බිය ගැන්වීම සහ තර්ජනය කිරීම මත ඇති වූ මරණ බය ප්‍රයෝජනයට ගගිමන් මාගේ ප්‍රකාශය ලබා ගන්නා ලද නිලධාරියා විසින් ලබා ගන්නා ලද කරුණු වන බවයි.

ඉහත දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගතය ප්‍රතිඥා ප්‍රකාශක විසින් කියවා තේරුම්ගෙන සත්‍ය බවට පිළිගෙන, ප්‍රතිඥා දී වර්ෂ 2026 ක් වු මාර්තු මස 18 වන දින මා ඉදිරියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දී අත්සන් කරන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31