AFC Banner
Empty Ad
Empty Ad

බන්දුල නිකුත් කළ ගැසට් නිවේදනයක් හකුළා ගනී

අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල පාලනය සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර තිබේ.ඒ අනුව කීරි සම්බා, අර්තාපල්, සීනි සහ වියළි මිරිස් යන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය සඳහා නිකුත් කෙරුණු ගැසට් නිවේදන අහෝසි වේ.අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවර කිරීමට ගත් තීරණය සමග එම ගැසට් නිවේදන අහෝසි කරන බව අද (09) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, “කලින් තිබුණ ගැසට් නිවේදන ඊයේ දිනයේ කැබිනට් මණ්ඩල තීරණය අනුව සම්පුර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. ඒ ගැසට් නිවේදන තුළන් දරපු උත්සහයන් අසර්ථක වීම නිසා තමයි මේ අලුත් උත්සහයක් හදලා තියෙන්නේ මේ ගිවිසුම් යටතේ. “ යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?