බදු වංචාවකින් යාන්තමින් ගැලවුණු ශකීරා

කොලොම්බියානු ජනප්‍රිය ගායිකා ශකීරා තමන්ට එරෙහිව රාජකීය ස්පාඤ්ඤ අධිකරණයේ පැවරෙන්නට ගිය නඩුවක් සමථයකට පත් කරගැනීමට සමත් ව තිබෙනවා.

ඒ ස්පාඤ්ඤ නඩු පවරන්නන් සමග එක් ව සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

2012 සහ 2014 යන වර්ෂවල දී ශකීරා ඉපැයූ ආදායම් බද්දෙන් යුරෝ මිලියන 14.5ක (ඩොලර් මිලියන 15.7) ක මුදලක් රජයට ගෙවීමට ඇය ක්‍රියා නොකිරීම හේතුවෙනුයි ශකීරාට රජයේ අධිකරණ පාර්ශ්වයෙන් නඩු පැවරීමට පියවර ගෙන තිබුණේ.

මෙම සුප්‍රසිද්ධ ගායිකාවට එරෙහි ව පැවරීමට ගිය නඩුව ඇය යුරෝ මිලියන 7.5ක දඩ මුදලක් ගෙවා සමථයකට පත් කරගැනීමට ද සමත් ව තිබෙනවා.

එමෙන්ම තුන් වසරක කාලයක් ඇයව සිරගත කරලීම වළක්වාලීමට ඇය තවත් යුරෝ මිලියන 438,000ක මුදලක් ගෙවීමට ද බාර්සිලෝනා අධිකරණයට එකඟ වී ඇති බවත් වාර්තා වනවා.

2011 වසරේ දී ශකීරා ලොව සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන බාර්සිලෝනා ක්‍රීඩක ජෙරාඩ් පික් සමග සබඳතාවක් පැවැත් වූ අතර, ඉන් පසුව ඇය පදිංචිය මාරු කරනුයේ ස්පාඤ්ඤ වෙතයි.

නමුත් ඇය පවසන්නේ ස්පාඤ්ඤයේ දිගු කාලයක් තමන් ජීවත් නොවුණු බවයි.

කෙසේවෙතත් ස්පාඤ්ඤ සිවිල් අධිකරණ නීතියට අනුව රට තුළ මාස 06කට අධික කාලයක් වෙසෙන්නෙකු එරට නීතියෙන් ස්ථිර පදිංචිකයෙකු ලෙසටයි පිළිගැනෙන්නේ.

ශකීරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසුවේ ශකීරා ජීවත් ව ඇත්තේ 2014 වන තෙක් ස්පාඤ්ඤයේ සංචාරකයෙකු වශයෙන් බවයි.

ඇයගේ ආදායම් සියල්ල ම ස්පාඤ්ඤයේ දී නොව ජාත්‍යන්තර සංචාරවලින් උපයාගත් ඒවා බවට ද තර්ක කර තිබෙනවා.

තමන් කලක් ස්පාඤ්ඤ පුරවැසියෙකු සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වූ හෙයින් මෙලෙස තමන්ට බදු නොගෙවූ බවට චෝදනා කිරීමට එරට නීතිඥවරුන් සමහරක් උත්සාහ දරන බවත්, තමන් මේ වනවිටත් යුරෝ මිලියන 17.2ක බදු මුදලක් ගෙවා ඇති හෙයින් කිසිදු හිඟ ණයක් තමන්ට නොමැති බව ද ඇය කියා සිටියා.

ශකීරාට එරෙහිව එල්ල වූ 2019 වර්ෂයේ දී වෙනත් නඩුවක දී මෙන් ම 2008 සහ 2010 අතර කාලයේ බදු පැහැර හැරීම සම්බන්ධයෙන් ද ස්පාඤ්ඤ අධිකරණය විසින් ශකීරාගේ පෙර පෙම්වතා වූ ජෙරාඩ් හට යුරෝ මිලියන 2.1ක දඩයක් ද නියම කළා.

මේ ආකාරයෙන් ස්පාඤ්ඤ තුළ ජීවත් වෙමින් බදු පැහැර හැරීම සම්බන්ධයෙන් මීට පෙර ද දියගෝ කොස්තා, ලියොනල් මෙසී, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැනි ප්‍රබල ක්‍රීඩකයින්ට පවා ද විශාල ප්‍රමාණයේ බදු මුදල් දඩ පනවා ඒවා අයකරගෙන ද තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?