බදු වංචාවක් නිසා ජනප්‍රිය සංගීත තරුවකට නඩු

ජනප්‍රිය සංගීත තරුවක් වන ශකීරාට බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අධිකරණයේ නඩු විභාගයකට පෙනී සිටීමට සිදුව ඇති බව බව විදෙස් මාධ්‍ය පවසනවා.බාසිලෝනාහි පිහිටි අධිකරණයක් විසින් ශකීරාට බදු වංචා 6ක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින ලෙස නියෝග කර ඇතත් තවමත් දිනයක් නියම කර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇය වැරදිකරු වුවහොත් ශකීරාට වසර අටක සිර දඬුවමක් සහ ඇයට යුරෝ මිලියන 23.8 ක දඩයක් පැනවෙනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්පාඤ්ඤයේ නීතියට අනුව, මාස හයකට වඩා වැඩි කාලයක් රට තුළ ගත කරන පුද්ගලයින් බදු ගෙවීම කළ යුතුයි

යුරෝ මිලියන 17.2 ක බදු ගෙවා ඇති බවත්, හිඟ ණය කිසිවක් නොමැති බවත් ෂකීරා පවසා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?