ලංකාවේ ප්‍රධාන ලෙස බදු ගෙවීම් මඟ හැර සිටින පුද්ගලයින් 200 දෙනාගේ නාම ලේඛනය තමන් සතුව පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (07) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
“මා ගාව තියනවා ලංකාවේ ප්‍රධාන ලෙස බදු ගෙවීම් මඟ හැරපු ප්‍රධාන දෙසීය දෙනාගේ ලැයිස්තුව මං ළඟ තියනවා. බව වෙන්නේ එපා මේ මූණුවල එක නමක් නෑ. වෙන මූණක් තිබ්බනම් මම කියනවා. එහි සමස්ත වටිනාකම ගත්තොත් බිලියන 100ත් 150 කට ආසන්න මුදලක් තියනවා.ඒ නිසා මේක අයකර ගන්න ඕන.”
එමෙන්ම මහජන බැංකුව සහ ලංකා බැංකුව යන රාජ්‍ය බැංකු දෙකට ණය ගෙවීම් පැහැර හැරි ප්‍රධාන පුද්ගලයින් 50 දෙනාගේ නම් ද තමා සතුව පවතින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
“රාජ්‍ය බැංකු දෙකට ඉතාමත් අහිතකර ආකාරයේ පොලු තියපු කණ්ඩායම් ඉන්නවා මම ප්‍රධාන 50 ගෙන්න ගත්තා. හොයලා බැලුවා විශාල ප්‍රමාණයක් ඉන්නවා.දේශපාලකයෝ ඉන්නවා එක අස්සේ ඉතාම සමීපත ව්‍යාපාරිකයෝ ඉන්නවා. බිලියන ගණන් රාජ්‍ය බැංකුවලට පොලු තියලා තියනවා.”





