AFC Banner
Empty Ad
Empty Ad

බදු නොගෙවූ ප්ලයිවුඩ් ලොක්කාට උසාවියෙන් ලක්ෂ 75ක දඩයක්

බදු නොගෙවා පැහැර හැරියේ යැයි කියන ගිංතොට ප්ලයිවුඩ් සමාගමේ අධ්‍යක්ෂ යසසිරි කස්තුරි ආරච්චිට රුපියල් ලක්ෂ 75ක දඩ නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා නියෝග කර තිබෙනවා.

අදාළ දඩය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවම් නියම් කරන බව ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි වාර්තා වන්නේ.

ආදායම් බදු හා ජාතිය ගොඩනැගීමේ බද්ද නොගෙවීමට එරෙහි ව දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවේ තීන්දුව නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

2006 හා 2008 වසර සඳහා ගෙවිය යුතු ආදායම් බදු වන රුපියල් 84,6078ක් හා 2015 වසර සඳහා ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බද්ධ වන රුපියල් 6,656,610.00 නොගෙවා පැහැර හැරීම වෙනුවෙන් මෙම දඩය නියම කර තිබෙනවා.

අදාළ දඩ මුදල ලබන 25 වෙනි දින අධිකරණයේ තැන්පත් කරන ලෙසයි වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?