බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ කොටසක් බර වාහනවලට වැසේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා.

එම මාර්ගයේ හාලිඇල, උඩුවර ප්‍රදේශයේ ඊයේ (09) සිදුවූ නායයෑමත් සමඟ එම කොටසේ මෙලෙස බර වාහන ධාවනය නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් මේජර් සුදර්ශන දෙනිපිටිය සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් ශ්‍රී ප්‍රභාත් අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

එම මාර්ගයේ ධාවනයවන බර වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකි බවයි දැනුම් දෙන්නේ.

හෙට (11) දින සිට සියලුම දුරගමන් බස් රථ ද මෙම විකල්ප මාර්ගය ඔස්සේ බණ්ඩාරවෙල-බදුල්ල දක්වා ධාවනය කිරීමට ⁣තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22