spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ කොටසක් බර වාහනවලට වැසේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා.

එම මාර්ගයේ හාලිඇල, උඩුවර ප්‍රදේශයේ ඊයේ (09) සිදුවූ නායයෑමත් සමඟ එම කොටසේ මෙලෙස බර වාහන ධාවනය නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් මේජර් සුදර්ශන දෙනිපිටිය සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් ශ්‍රී ප්‍රභාත් අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

එම මාර්ගයේ ධාවනයවන බර වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකි බවයි දැනුම් දෙන්නේ.

හෙට (11) දින සිට සියලුම දුරගමන් බස් රථ ද මෙම විකල්ප මාර්ගය ඔස්සේ බණ්ඩාරවෙල-බදුල්ල දක්වා ධාවනය කිරීමට ⁣තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?