බදුල්ල නගර මධ්‍යයේ දී පුද්ගලයෙකුට මන්නා පිහි පහ‍රක් – කැපුම් තුවාල 30කට අධිකයි

සොහොයුරන් දෙදෙනකු අතර දිගු කලක සිට පවතින ආරවුලක් මුල් කරගනිමින් අද (20) පස්වරුවේ එක් සොහොයුරෙකු තම අනෙක් සොහොයුරා වෙත මහා මාර්ගයේ පිහිටි පදික වේදිකාවක දී තියුණු ආයුධයකින් අමානුෂික ලෙස පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම බදුල්ල නගරයේ පිහිටි ඔරලෝසු කණුව ඉදිරිපිට ඇති රටබීම හලක් ඉදිරිපිටදී සිදු ව ඇත්තේ පස්වරු 03ට පමණ වන බවයි.

සැකකාර පුද්ගලයා මන්නා පිහියක් ගෙන තම සොහොයුරාට අමානුෂික අන්දමින් ජනයා බහුල ව ගැවසෙන මෙම ප්‍රදේශයේ දී කපා කොටා තුවාල සිදු කර තිබෙනවා.

කැපම් තුවාල බරපතළ බැවින් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ තුවාලකරු කඩිනමින් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ සිරුරේ කැපුම් තුවාල 30කට අධික ප්‍රමාණයක් දක්නට ලැබෙන බවත් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව හෙතෙම වැඩිදුර ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් වාර්තා වනවා.

පහරදුන් සැකකාර පුද්ගලයා පොලිස් නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ මහත් පරිශ්‍රමයෙන් අල්ලාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
3
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34