බදුල්ලේ බිග් මැච් උමතුවෙන් බිළිගත් සිසුන් දෙදෙනා අද අවසන් ගමනේ

පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයක් අතරතුර පැවති රථ පෙළපාලියකදී කැබ් රථයක් පෙරළී සිදු වූ අනතුරෙන් මියගිය බදුල්ල ධර්මදූත විදුහලේ සිසුන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03) දිනයේ සිදු කිරීමට නියමිතයි.

මේ වනවිට එම සිසුන් දෙදෙනාගේ දේහයන් බදුල්ල සහ හැලිඇල පිහිටි ඔවුන්ගේ නිවෙස්වල තැන්පත්කර තිබෙනවා.

බදුල්ල ඌව විද්‍යාලය සහ බදුල්ල ධර්මදූත මහ විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව ධර්මදූත විද්‍යාලය විසින් රථ පෙළපාලියක් සංවිධානය කර තිබුනේ තරගයේ දෙවන දිනය වූ පෙරේදා (01) දිනයේයි.

එහිදී රථ පෙළපාලිය සඳහා සහභාගී වූ කැබ් රථයක් බදුල්ල නව ක්‍රීඩාංගණයේ දී පෙරළීයාමෙන් දරුණු අනතුරක් සිදු වුණා.

මෙම අනතුරෙන් එම පාසලේ උසස් පෙළ හදාරන සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහා රෝහල වෙත ඇතුළත් කෙරුණා.

මියගිය සිසුන් දෙදෙනාගේ අවසන් කටයුතු බදුල්ල හේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි බදුල්ල පොදු සුසාන භූමියේදි අද (02) පස්වරුවේ සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?