බංග්ලාදේශ ලෝක කුසලාන අර්බුදයට අයර්ලන්තයත් ගෑවෙයි – අයර්ලන්තයත් දැඩි තීරණයක

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉන්දියාවේ සංචාරය නොකිරීමේ දැඩි තිරණයක සිටින බංග්ලාදේශයේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අයි.සී.සීයට ඉදිරිපත් කළ අදහස සම්බන්ධයෙන් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිහඬතාව බිඳ දමා තිබෙනවා.

අයි.සී.සී නියෝජිතයා සමඟ ඊයේ (17) ඩකා හිදී පැවති විශේෂ සාකච්ඡාවේ දී බංග්ලාදේශයේ ක්‍රිකට් බලධාරීන්, කණ්ඩායම් හුවමාරුවක් සම්බන්ධ අදහසක් ඉදිරිපත් කර සිටියා.

එහිදී බංග්ලාදේශයේ ක්‍රිකට් බලධාරීන් සඳහන් කළේ, මේ වනවිට C කාණ්ඩයේ සිටින බංග්ලාදේශ කණ්ඩායම B කාණ්ඩයට මාරුකර B කාණ්ඩයේ සිටින අයර්ලන්තය C කාණ්ඩයට මාරුකළ හැකි බවයි.

ඒ, අනුව බංග්ලාදේශයේ සියලුම තරග ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කර හැකි බවයි ඔවුන් පෙන්වා දී තිබුණේ.

බංග්ලාදේශ කණ්ඩායම, අයර්ලන්තය සමඟ හුවමාරු කර ගන්නා ලෙස ඉදිරිපත් කළ අදහස සම්බන්ධයෙන්, අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිහඬතාව බිඳ දමමින් පැවසුවේ, තරගාවලිය වෙනුවෙන් සකස් කළ මුල් කාලසටහනෙන් ඉවත් නොවන බවට නිශ්චිත සහතිකයක් අයර්ලන්ත වෙත ලැබී ඇති බවයි.

ඒ, අනුව සැලසුම්කර ඇති පරිදි අයර්ලනත්ය නිසැකවම මූලික වටයේ තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන බවයි අයර්ලන්ත ක්‍රිකට් බලධාරීන් පැවසුවේ.

අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ ඕමානය සමඟ B කාණ්ඩයේ ස්ථානගත කර ඇති අතර, එම කාණ්ඩයේ මූලික වටයේ සියලුම තරග පැවැත් වෙන්නේ ශ්‍රී ලංකාව තුළයි.

බංග්ලාදේශය දැනට බටහිර ඉන්දීය කොදෙව්, ඉතාලිය, එංගලන්තය සහ නේපාලය සමඟ C කාණ්ඩයේ ස්ථානගත කර ඇති අතර, කොල්කටා සහ මුම්බායි හි ඔවුන්ගේ තරඟ ක්‍රීඩා කිරීමට සිදුවනවා.

කෙසේ වෙතත් ඉන්දියාව තුළ දී බංග්ලාදේශ කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයක් ඇති බව පවසමින් බංග්ලාදේශය ඉන්දියාවට යෑම මේ වනවිටත් ප්‍රතික්ෂේප කර සිටිනවා.

  1. ක්‍රීකට් ක්‍රීඩාව මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් බව ප්ප්‍රචලිතයි. මෙය රටින් රටට වෙනස් විය යුත නැත.නිති හැමවිටම
    සාධාර්ණය විය යුතුය. ඉංදියාවට එක නිතියක් අනික් රටවල්වලට තව නිතියක් විය යුතු නැ.
    ඉන්දියාවට පකිස්තානයට ගිහින් ක්‍රීඩා කරන්න කැමතිනැ. එයාලා වෙන රටකට ගිහින් ක්‍රීඩා කරනවා…..මෙ සදහා කිසිම රටක් විරුද්ධ උනේ නැ.
    දැන් බංලිදේශය ඉන්දියාවට යන්න බැ කියනවා….ඉදිරියේද් මේතත්වය ඇප්ගන්ලාටත් ඊට පසුව ලංකාවටත් එවැනි ක්‍රියාවක් කරයි.මේ ක්‍රමය වෙන්ස් විය යුතුයි.
    තවද කුසලානයක් බාර ගත්තේ නැ
    පකිස්තානයත් ප්‍රප්‍රතිචාරක් දැක්වුවා.
    අද කාසියෙ වාසියෙන් පසු අතට අත දිමෙන් වැලකිසිටියා. මෙවැනි ක්‍රීයාවන්
    නැවැත්විය යතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43