ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න ඉන්න ලංවිම සේවකයින් ජනපතිට ලියයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය දිනෙන් දින කල්යාම තුළ තමන් සියලු දෙනා දැඩි පීඩනයකට සහ අවිනිශ්චිතතාවයකට පත්ව ඇති බව, ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම්කර ඇති ලංවිම සේවකයින් පවසනවා.

ජනධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් එම සේවකයින් 2,200 දෙනා මේ බව සඳහන් කරනවා.

ඒ, අනුව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම්කර ඇති සේවකයින්ගේ ජීවනෝපාය සුරැකීම සඳහා මැදිහත්වන ලෙසයි එම සේවකයින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

එම සේවක් වැඩිදුරටත් පවසන්නේ මේ වනවිට ඔවුන්ව අකමැත්තෙන් සේවයේ රදවාගෙන සිටින බවත්, ඔවුන්ග් VRS වන්දි මුදල අහිමි නොකරගෙන මණ්ඩලෙයන් ඉවත් වී වෙනත් රටකට සංක්‍රමණය වීම, පෞද්ගලික අංශයේ රැකියාවකට යාම හෝ ස්වයරැකියාවක් සඳහා යොමුවීමට නොහැකි වී ඇති බවයි.

මෙය බොහෝ දෙනාට උපභතෝකෝටිකයක් නිර්මාණය කර ඇති බවත්, යටත් පිරිසෙන් යම් පිරිසක් තම නව ජිවෙනෝපායන් සදහා වන්දි මුදල අහිමි කරගෙන විදුලිබල මණ්ඩලයෙන් ඉවත් වී යාමට සිදුවී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඒ, අනුව ඉතා ඉක්මණින් සාධනීය සහ සාධාරණ විසදුමක් තමන්ට ලබාදෙන ලෙසයි එම සේවක පිරිස ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30