ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්වාර පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සම්පත් පෙරේරා පත්කර තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රොමේෂ් රත්නායකගේ කොන්ත්‍රාත් කාලය අවසන් වූ පසු ඔහු එම තනතුරින් සමුගත්තා.

ඒ, අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙකු තෝරා ගැනීම වෙනුවෙන් ක්‍රිකට් ආයතන පසුගිය නොවැම්බර් මාසයේ දී අයදුම්පත් කැඳවීමටයි කටයුතු කළේ.

කෙසේ වෙතත් තවමත් කාන්තා කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙකු තෝරා පත්කර ගැනීමට හැකියාව ලැබී නැහැ.