බණ්ඩාරවෙල ඝාතනයේ සැකකරු සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

ඊයේ (24) බණ්ඩාරවෙල ප්‍රදේශයේ හෝටලයකදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

කැලණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයා පෙරේදා හෝටලයට පැමිණ අදාළ කාන්තාව ඊයේ පෙරවරුවේ හෝටලයට ගෙන්වාගෙන ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම 40 හැවිරිදි කාන්තාව හෝටලයේ කාමරයක් තුළදී කපා කොටා ඝාතනය කර සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

ඊයේ සවස් වරුවේ සැකකරු හදිසියේ හෝටලයෙන් පිටව යාම හේතුවෙන් හෝටල් සේවකයන් සැකපිට කාමරය පරීක්ෂා කර බැලීමේදී කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇතැයි සඳහන්.

මෙම ඝාතනයට අදාළ සැකකරුගේ ඡායාරූපයක් පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් 071 8591523 / 071 8710108 / 071 8594033 ඔස්සේ දැනුම් දෙන ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Police Request
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
4
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:06
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:35:11
Video thumbnail
බොරු කීමේ තරඟයක් තිබ්බා නම් රන් පදක්කම දිනන්නේ මාලිමාව
06:18
Video thumbnail
ත්‍රී රෝද රථයක් මහ පාරේ උඩුයටිකුරු කළ අනතුර
00:47
Video thumbnail
සීදූව මහ පාරේ ත්‍රී රෝද රථයක් උඩුයටිකුරු වෙයි
01:13
Video thumbnail
බරකොකු තෙල ලෝකෙටම අරගෙන ගිය ආයුර්වේද වෛද්‍ය රන්දෙනිගම
03:09
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34


?