spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බණ්ඩාරවෙල ඝාතනයේ සැකකරු සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

ඊයේ (24) බණ්ඩාරවෙල ප්‍රදේශයේ හෝටලයකදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

කැලණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයා පෙරේදා හෝටලයට පැමිණ අදාළ කාන්තාව ඊයේ පෙරවරුවේ හෝටලයට ගෙන්වාගෙන ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම 40 හැවිරිදි කාන්තාව හෝටලයේ කාමරයක් තුළදී කපා කොටා ඝාතනය කර සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

ඊයේ සවස් වරුවේ සැකකරු හදිසියේ හෝටලයෙන් පිටව යාම හේතුවෙන් හෝටල් සේවකයන් සැකපිට කාමරය පරීක්ෂා කර බැලීමේදී කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇතැයි සඳහන්.

මෙම ඝාතනයට අදාළ සැකකරුගේ ඡායාරූපයක් පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් 071 8591523 / 071 8710108 / 071 8594033 ඔස්සේ දැනුම් දෙන ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Police Request
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
4
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?