AFC Banner
AFC Banner
Empty Ad

බටහිර පර්යන්තය ඉන්දීය සහ ජපාන පාර්ශ්ව සමග සංවර්ධනයට තීරණයක්

කොළඹ වරාය ද බටහිර පර්යන්තය ජපානය සහ ඉන්දියාව සමඟ එක්ව ආයෝජනය කර සංවර්ධනය කිරීමට කැබිනට් ඊයේ අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එහිදී ප්‍රධාන කොන්දේසියක් වූයේ මීට පෙර කොළඹ වරායේ අනෙක් පර්යන්ත පෞද්ගලික ආයෝජකයන්ට ලබා දුන් කොන්දේසි හා සමාන කොන්දේසි වලට බටහිර පර්යන්තය ද ඉන්දියාව සහ ජපානයේ රජයන් විසින් නම් කරන සමාගම් වලට ලබාදීම බවද ඔහු පැවසීය.

ඒ අනුව පෙර පර්යන්තයක් ලබා දී ඇත්තේ 85% ක් එම පෞද්ගලික ආයෝජකයාටත් 15%ක් වරාය අධිකාරියටත් වන ලෙස වසර 35ක කාලයක් සදහා බවත් එනිසා මෙම ආයෝජනය ද ඒ ආකාරයෙන් ම සිදු වනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේ දී ඒ මහතා මේ බව කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?