බංග්ලාදේශ විරෝධතාකරුවන් ෂීක් හසීනාගේ මහගෙදර වනසයි

බංග්ලාදේශ විරෝධතාකරුවන්, බලයෙන් පහ කළ, එරට හිටපු අගමැතිනී ෂීක් හසීනාගේ පවුලේ මුල් උරුමය සහිත නිවසට ගිනි තබා තිබෙනවා.

ඇයට එරෙහිව පැන නැගුණු ශීෂ්‍ය විරෝධතා හේතුවෙන් ඉන්දියාවට පලා ගොස් සිටින හසීනා, ඉන්දියාවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතීමට සූදානම් වන බවට පැතිර ගිය පුවතත් සමග කෝපයට පත් විරෝධතාකරුවන් ඇගේ පවුලේ නිවසට ගිනි තබා ඇය පිළිබ ඳ තම කැකෑරෙන කෝපය යළිත් ප්‍රකාශ කර තිබෙනවා.

බංග්ලාදේශයේ ආරම්භක ජනාධිපතිවරයා ද වන ෂෙයික් හසීනාගේ මියගිය පියාගේ ද නිවහන වූ මෙම නිවස එරට නිදහස් අරගලයේ සංකේතයක් ලෙස හසීනා පාලන කාලය තුළ ප්‍රවර්ධනය කෙරුණා.

බංග්ලාදේශ නිදහස් අරගලයේ වීරයෙකු ලෙස දිගු කලක් තිස්සේ බුහුමන් ලැබූ ෂෙයික් මුජිබර් රහ්මාන්, බංග්ලාදේශයේ වත්මන් තරුණ පරපුරේ දැඩි කෝපයට පාත්‍ර වීම අනාගත බංග්ලාදේශයේ ඉරණම කුමක්දැයි අවිනිශ්චිත කර තිබෙනවා.

කෙසේ වෙතත් “බුල්ඩෝසර්වලින් රටේ ස්වාධීනත්වය විනාශ කිරීමට ඔවුන්ට බලයක් නැහැ.

ඔවුන්ට ගොඩනැගිල්ලක් විනාශ කළ හැකි වුණත් ඔවුන්ට ඉතිහාසය මකා දැමීමට නොහැකියි.

ඇගේ නිවස බුල්ඩෝසර් කරද්දීත් හසීනා නොනවත්වා ඇගේ කතාව කරගෙන ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?