බංග්ලාදේශ එක්දින නායකයා ජාත්‍යන්තර පිටියට සමුදෙයි

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමිම් ඉක්බාල් සිය ජාත්‍යන්තර තරග දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් මාධ්‍ය වාර්තා සඳහන් කළේ වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට හදිසියේ තිත තබමින් ඉන්දියාවේදී ආරම්භ වීමට ලෝක කුසලානයට මාස තුනකට පෙර බංග්ලාදේශ එක්දින නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මාධ්‍ය හමුවකට එක් වූ තමීම් අතිශයින් හැඟීම්බර වූ අතර කඳුළු සලමින් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරඟය පරාජයට පත් වී දිනකට පසුවයි තමිම් ඉක්බාල් මෙම තීරණය ගෙන ඇත්තේ.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කණ්ඩායමට නව නායකයෙකු මෙතෙක් නම් කර නැහැ.

ෂකීබ් අල් හසන් T20 කණ්ඩායම මෙහෙයවන අතර ලිටන් දාස් ටෙස්ට් කණ්ඩායමේ නායකයා යි.

34 හැවිරිදි තමීම් පසුගිය වසරේ T20 තරගවලින් සමු ගත් අතර ඔහුගේ අවසන් ටෙස්ට් තරගය අප්‍රේල් මාසයේදී අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයයි.

2007 වසරේ පෙබරවාරි මාසයේදී තමීම් ඔහුගේ මංගල ODI තරගයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ අතර බටහිර ඉන්දීය කොදෙව් හි පැවති ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශ විශිෂ්ට ජයග්‍රහණයේදී අර්ධ ශතකයක් ද රැස් කළා.

ඔහු බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු ලාභියා වන අතර (8313) ශතක 14ක් ද තමීම් ගේ වාර්තා අතරට අයත්.

වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් අතර විරාත් කෝලි සහ රෝහිත් ෂර්මාට පසුව තුන්වන වැඩිම ලකුණු ලාභියා වන්නේ ද තමිම් ඉක්බාල්.

ටෙස්ට් පිතිකරුවෙකු ලෙස, තමීම් ලකුණු 5134ක් රැස් කර ඇති අතර ඒ තරඟ 70කදී ශතක දහයක් ද සමගින්.

බංග්ලාදේශයේ විශිෂ්ටතම එක්දින නායකයා ලෙස නායකයා ලෙස සැලකෙන මෂ්රෆී මොර්ටාසාට වඩා තමීම් ගේ නායකත්වයෙන් ලැබූ ජයග්‍රහණ ප්‍රතිශතය සුළු වශයෙන් ඉහළ මට්ටමක පවතිනවා.

තමීම් කණ්ඩායමේ නායකත්වයේ සිටිමින් මුහුණ දුන් එක්දින තරඟ 37 න් 21 ක් ජයග්‍රහණය කර ඇති අතර, ඔහු බංග්ලාදේශය ODI Super League හි තුන්වන ස්ථානය දක්වා ද රැගෙන යාමට සමත් වුණා.

එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා ද සෘජු සුදුසුකම් ලබා ගත්තා.

තමීම් ඉක්බාල් 2017 වසරේ දී නවසීලන්තයට එරෙහිව එක් ටෙස්ට් තරගයකදී බංග්ලාදේශයට නායකත්වය ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
6
+1
11
+1
5
+1
14
+1
10
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?