බංග්ලාදේශ එක්දින නායකයා ජාත්‍යන්තර පිටියට සමුදෙයි

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමිම් ඉක්බාල් සිය ජාත්‍යන්තර තරග දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් මාධ්‍ය වාර්තා සඳහන් කළේ වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට හදිසියේ තිත තබමින් ඉන්දියාවේදී ආරම්භ වීමට ලෝක කුසලානයට මාස තුනකට පෙර බංග්ලාදේශ එක්දින නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මාධ්‍ය හමුවකට එක් වූ තමීම් අතිශයින් හැඟීම්බර වූ අතර කඳුළු සලමින් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරඟය පරාජයට පත් වී දිනකට පසුවයි තමිම් ඉක්බාල් මෙම තීරණය ගෙන ඇත්තේ.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කණ්ඩායමට නව නායකයෙකු මෙතෙක් නම් කර නැහැ.

ෂකීබ් අල් හසන් T20 කණ්ඩායම මෙහෙයවන අතර ලිටන් දාස් ටෙස්ට් කණ්ඩායමේ නායකයා යි.

34 හැවිරිදි තමීම් පසුගිය වසරේ T20 තරගවලින් සමු ගත් අතර ඔහුගේ අවසන් ටෙස්ට් තරගය අප්‍රේල් මාසයේදී අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයයි.

2007 වසරේ පෙබරවාරි මාසයේදී තමීම් ඔහුගේ මංගල ODI තරගයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ අතර බටහිර ඉන්දීය කොදෙව් හි පැවති ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශ විශිෂ්ට ජයග්‍රහණයේදී අර්ධ ශතකයක් ද රැස් කළා.

ඔහු බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු ලාභියා වන අතර (8313) ශතක 14ක් ද තමීම් ගේ වාර්තා අතරට අයත්.

වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් අතර විරාත් කෝලි සහ රෝහිත් ෂර්මාට පසුව තුන්වන වැඩිම ලකුණු ලාභියා වන්නේ ද තමිම් ඉක්බාල්.

ටෙස්ට් පිතිකරුවෙකු ලෙස, තමීම් ලකුණු 5134ක් රැස් කර ඇති අතර ඒ තරඟ 70කදී ශතක දහයක් ද සමගින්.

බංග්ලාදේශයේ විශිෂ්ටතම එක්දින නායකයා ලෙස නායකයා ලෙස සැලකෙන මෂ්රෆී මොර්ටාසාට වඩා තමීම් ගේ නායකත්වයෙන් ලැබූ ජයග්‍රහණ ප්‍රතිශතය සුළු වශයෙන් ඉහළ මට්ටමක පවතිනවා.

තමීම් කණ්ඩායමේ නායකත්වයේ සිටිමින් මුහුණ දුන් එක්දින තරඟ 37 න් 21 ක් ජයග්‍රහණය කර ඇති අතර, ඔහු බංග්ලාදේශය ODI Super League හි තුන්වන ස්ථානය දක්වා ද රැගෙන යාමට සමත් වුණා.

එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා ද සෘජු සුදුසුකම් ලබා ගත්තා.

තමීම් ඉක්බාල් 2017 වසරේ දී නවසීලන්තයට එරෙහිව එක් ටෙස්ට් තරගයකදී බංග්ලාදේශයට නායකත්වය ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27