AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශය තවත් ලකුණු 101ක් දකුණු අප්‍රිකාවට වඩා පළමු ඉනිමෙන් පසුපසින්

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර මේ දිනවල පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (22) නිමාවන විට සිය දෙවැනි ඉනිම පිතිකරණය අරඹා සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 101ක් ලබා සිටිනවා.

මීර්පූර් හි දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 106ක් රැස් කළා.

පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණයෙන් බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ ලකුණු 30ක් ලබාගත් Mahmudul Hasan Joy පමණයි.

කඩුලු බිඳ දැමීමේ දී පළමු ඉනිම වෙනුවෙන් රබඩා, මහරාජ් සහ වියෑන් මල්ඩර් කඩුලු 03 බැගින් බිඳ දැමූ අතර එක් කඩුල්ලක් Dane Piedt හට හිමිවුණා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට පිතිකරණය අරඹමින් දකුණු අප්‍රිකාව සියල්ලන් ම දැවී ලකුණු 308ක් ලබාගත්තා.

විශිෂ්ට ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරමින් Kyle Verreynne ලකුණු 114ක් ලබාගත්තේ සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකයට හිමිකම් කියමින්.

වියෑන් මල්ඩර් ලකුණු 54ක් ලබාගත්තා.

දකුණු අප්‍රිකානු කඩුලු දඩයමේ දී බංග්ලාදේශය වෙනුවෙන් Taijul Islam කඩුලු 05ක් ද හසාන් මහමුද් කඩුලු 03ක් සහ කඩුලු 02ක් මෙහිඩි හසාන් ද බිඳ දැමුවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට වඩා බංග්ලාදේශ කණ්ඩායම තවත් ලකුණු 101ක් සිය පළමු ඉනිමෙන් පසුපසින් සිටිනවා.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් බංග්ලාදේශය වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ Mahmudul Hasan Joy (38) සහ Mushfiqur Rahim (31).

හෙට (23) තරගයේ තෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක් මාධ්‍යට - ගෝඨාභයගේ හිටපු ලේඛම් සියල්ල වමාරයි
12:56
Video thumbnail
i Phone 16 ඔයාටත් ගන්න ඕනිද ? මෙන්න මිළදී ගන්න ඔබටත් අවස්ථාවක්
01:20
Video thumbnail
තමන්ගේ වේදිකාවේ ඉන්න අය ආරක්ෂා කරගන්න සමස්ථ වාර්ථාවක් විසිකරන්න ලෑස්ති වෙන්න එපා
06:49
Video thumbnail
ගම්මන්පිලට වැඩ වරදී - ටිල්වින් සැර ප්‍රකාශයක් කරයි
07:29
Video thumbnail
ගම්මන්පිලගෙ වාර්ථාව බොරුනම් - හදපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න #pasku
04:33
Video thumbnail
Breaking News🛑හර්ෂ ජනපති අනුර සමග එකතුවෙයි - හර්ෂ කළ විශේෂ ප්‍රකාශය මෙන්න
06:55
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙකට ගැටී සිදුවූ බිහිසුණු අනතුර - 27කට තුවාල...03දෙනෙකුට බරපතලයි...
01:03
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිව අන්දන්න හදනවා
02:42
Video thumbnail
අපේ යුතුකම අපි අවංකව ඉෂ්ඨ කළා
06:57
Video thumbnail
අලුත් පාස්පෝර්ට් එකේ අමුතු අමුතු සෙල්ලම් එළියට - ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න රිදෙන්නම කියයි
03:33

?