බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැඟිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තාවලට අනුව ඊයේ (29) පස්වරුවේ අදාළ ගොඩනැඟිල්ලේ තිබූ අවන්හලක මෙම ගින්න මුලින් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගිනි නිවන නිලධාරීන් පැවසුවේ මහල් හතකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ හටගත් ගින්න පැය දෙකක පමණ පසු මැඬපැවැත්වීමට කටයුතු කළ බවයි.
40 දෙනෙකු පමණ දුම් ආඝ්‍රාහනය වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වුණේ.
එලෙස තුවාල ලැබූවන්ගෙන් තවත් 22 දෙනෙකු පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි ඩකා රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
3
+1




