බංග්ලාදේශයේ ඇඟලුම් කම්හල් 219ක් වැසෙයි

බංග්ලා­දේ­ශයේ ඇතැම් කර්මාන්තශාලාවල සේවකයන් අඛණ්ඩ වැඩවර්ජනයන් හේතුවෙන් ඇඟ­ලුම් ආය­තන ඇතුළු කර්මා­න්ත­ශාලා 219ක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දීමනා රැසක් ඉහළ දමන ලෙස පාලනාධිකාරියට බල කරමින් මෙම සේවක සේවිකාවන් විරෝධතාවයේ නිතර වී තිබුණා.

ඒශියා නිවුස් නෙට්වර්ක් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, මෙම වැඩවර්ජන හේතුවෙන් කර්මාන්තශාලා 86ක් දින නියමයකින් තොරව වසා දමා ඇති බවයි.

තවත් කර්මාන්ත ශාලා 133ක සේවක සේවිකාවන්ට විරෝධතා වැළැක්වීම සඳහා පොදුවේ නිවාඩු දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙලෙස විරෝධතා උත්සන්න වුවද, ඩකා නගරයේ කර්මාන්තශාලා 88ක නිෂ්පාදන කටයුතු මෙහෙය වීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබුණා.

සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීමට ප්‍රාදේශීය දේශපාලඥයින් සම්බන්ධ කමිටු කිහිපයක් අශුලියාවේ පිහිටුවා ගත්ත ද කර්මාන්ත හිමියන් තම කර්මාන්ත ශාලාවල ආරක්ෂාව පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

හැකි ඉක්මනින් කර්මාන්තශාලා නැවත ආරම්භ නොකළහොත් නුදුරු අනාගතයේ දී මෙම අංශය ගැඹුරු අර්බුදයකට මුහුණ දිය හැකි බව එරට බලධාරීන් පවසනවා.

විරෝධතා හේතුවෙන් ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට අති­රේක පොලිස් කණ්ඩා­යම් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියණියකගේ A/L සිහිනය බොඳ කරමින් කාමරයක් අළුකළ ගින්න..දියණිය හඬා වැටෙමින් සැමගේ පිහිට පතයි
03:16
Video thumbnail
රටේ ධීවර ප්‍රජාව ඉල්ලන් කෑවා..ඡන්ද ඇතත් එකයි නැතත් එකයි අපි ගාව ඔය බොරු නෑ..
08:16
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය
00:47
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා
00:39
Video thumbnail
ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සංවේදී වී කිව්ව කතාව..83කාලේ මම එළියට යද්දි මගේ අතේ තිබ්බේ පොත් දෙකයි
03:41
Video thumbnail
මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද? ජනතාව වෙනුවෙන් කඩේ යන්නේ නෑ තාම මේ ආණ්ඩුව
06:20
Video thumbnail
තණ තීරුවේ ලොකු ප්‍රශ්න තිබුණා..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ..
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34


?