බංගසාල වීදියේ ගින්න ගැන හොයන්න රස පරීක්ෂක එයි (වීඩියෝ)

පිටකොටුව පොලිස් වසමේ බංගසාල වීදියේ ගොඩනැගිල්ලක ඊයේ (05) රාත්‍රියේ හටගත් ගිනි ගැනීමේ තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අද (06) දහවල් රස පරීක්ෂකවරයා එම ස්ථානයට පැමිණියා.

පොලිසියේ සොකො නිලධාරීන් සමග රස පරීක්ෂකවරයා මෙම විමර්ශන කාර්‍යය ආරම්භ කළ බවයි වාර්තා වන්නේ.

ගින්නක් හටගෙන ඇති බවට පිටකොටුව පොලිසියට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පිටකොටුව පොලිසිය, ගිනි නිවීමේ නිලධාරීන්, ගුවන් හමුදා සහ නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපැවැත්වූවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

ගින්නෙන් දේපළ හානි පමණක් සිදු ව ඇති අතර ජීවිත හානි සිදු ව නැහැ.

පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?