AFC Banner
AFC Banner
Empty Ad

බංගලීන්ට එරෙහි එක්දින තරගාවලියට එක්වන ඇෆ්ගන් සංචිතය නම්කෙරේ – ඊබ්‍රහිම් සද්‍රාන්ට තවමත් සුව නැහැ

නොවැම්බර් මස මුල දී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය ඇෆ්ගන් මුල් පෙළ ක්‍රීඩක ඊබ්‍රහිම් සද්‍රාන්ට හා මුජීබ් රහ්මන්ට අහිමි ව තිබෙනවා.

ඔවුන් දෙදෙනා ම ආබාධවලින් පෙළෙමින් සිටීම මීට හේතුව බවයි වාර්තා වන්නේ.

සද්‍රාන් හා රහ්මාන් වෙනුවෙන් ඇෆ්ගන් කණ්ඩායමට Sediqullah Atal සහ Noor Ahmad කැඳවා තිබෙනවා.

ඊබ්‍රහීම් සද්‍රාන් වළලුකර ශල්‍යකර්මයකින් මේ වනවිට සුවය ලබමින් සිටින අතර දකුණු අතෙහි සිදු වූ උළුක්කුවකින් මුජීබ් පීඩා විඳිමින් සිටින බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට ඇෆ්ගන් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු එක් කර තිබෙනවා.

එම සංචිතය වන්නේ ; නායක හෂ්මතුල්ලා ෂහිඩි, රහ්මත් ශා, රහ්මනුල්ලාහ් ගුර්බාස්,
ඉක්‍රම් අලිකිල්, අබ්දුල් මලික්, රියාස් හසාන්, සෙඩිකුල්ලාහ් අටාල්, ඩර්විෂ් රසූලි, අෂ්මතුල්ලා ඔමර්සායි, මොහොමඩ් නබි, ගුල්බඩින් නයිබ්, රෂීඩ් ඛාන්, නන්ගියාල් ඛරොටි, ඒ.එම්. ගසන්ෆර්, නූර් අහමස්, ෆසල් හක් ෆරූකි, බිලල් සමී, නවීඩ් සද්‍රාන් සහ ඩරීඩ් අහමඩ් මලික් වනු ඇති.

මෙම තරගාවලිය සාජා නුවර දී පැවැත්වෙන අතර; එය එක්දින තරග තුනකින් සමන්විත වනවා.

එහි පළමු තරගය නොවැම්බර් මස 06 වැනි දින ආරම්භ වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?