AFC Banner
AFC Banner
Empty Ad

බංගලියන් සමඟ සිංහයින්ට තීරණාත්මක තරගය හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (09) දින සිල්හෙට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම මේ වන විට එක් තරගය බැගින් ජය ගනිමින් තරගාවලියේ සම තත්ත්වයේ පසුවෙයි.

ඒ හේතුවෙන් තරගාවලිය ජය ගැනීමට නම් හෙට (09) දින පැවැත්වෙන තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්.

එමෙන්ම මෙම තරගය සඳහා ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක වනිදු හසරංග ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වනිදු හසරංගට එරෙහිව අයි.සී.සී ය විසින් පැනවූ තරග දෙකක තහනම හේතුවෙන් ඔහුට මෙම තරගාවලියට අදාළ පළමු තරග දෙකට ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

මිට අමතරව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මාර්තු මස 13 වනදා බංග්ලාදේශයේ චිතගොං ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?