බංගලියන් සමඟ සිංහයින්ට තීරණාත්මක තරගය හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (09) දින සිල්හෙට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම මේ වන විට එක් තරගය බැගින් ජය ගනිමින් තරගාවලියේ සම තත්ත්වයේ පසුවෙයි.

ඒ හේතුවෙන් තරගාවලිය ජය ගැනීමට නම් හෙට (09) දින පැවැත්වෙන තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්.

එමෙන්ම මෙම තරගය සඳහා ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක වනිදු හසරංග ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වනිදු හසරංගට එරෙහිව අයි.සී.සී ය විසින් පැනවූ තරග දෙකක තහනම හේතුවෙන් ඔහුට මෙම තරගාවලියට අදාළ පළමු තරග දෙකට ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

මිට අමතරව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මාර්තු මස 13 වනදා බංග්ලාදේශයේ චිතගොං ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52