AFC Banner
Empty Ad
Empty Ad

බංගලිදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්

සත්කාරක පාකිස්ථානය පරාජය කරමින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ඓතිහාසික ජයක් වාර්තා කරන්නට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගත්තේ ඉතිහාසයේ පළමුවරට වීම විශේෂත්වයක්.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම මෙම ඓතිහාසික ජය වාර්තා කළේ කඩුලු දහයකින්.

රාවල්පිණ්ඩි හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පළමු ඉනිම සඳහා කඩුලු 06ක් දැවී ලකුණු 448ක් රැස්කර ඉනිම අත්හිටවනු ලැබුවා.

පිළිතුරු ලෙසින් බංග්ලාදේශය තම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 565ක්.

එහිදී අතිවිශිෂ්ට ඉනිමක් ගොඩනැගූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 191ක් රැස්කිරීමට සමත් විය.

ඒ, හේතුවෙන් පාකිස්තානයට ලකුණු 117ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී පාකිස්ථාන දෙවන ඉනිම ලකුණු 146කට සීමා කරන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් බංග්ලාදේශයට ලකුණු 30ක පහසු ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය කිසිවෙකු නොදැවී පසුකර ගිය බංග්ලාදේශය මෙම වටිනා ජයග්‍රහණය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
5
+1
1
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?