බංගලිදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්

සත්කාරක පාකිස්ථානය පරාජය කරමින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ඓතිහාසික ජයක් වාර්තා කරන්නට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගත්තේ ඉතිහාසයේ පළමුවරට වීම විශේෂත්වයක්.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම මෙම ඓතිහාසික ජය වාර්තා කළේ කඩුලු දහයකින්.

රාවල්පිණ්ඩි හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පළමු ඉනිම සඳහා කඩුලු 06ක් දැවී ලකුණු 448ක් රැස්කර ඉනිම අත්හිටවනු ලැබුවා.

පිළිතුරු ලෙසින් බංග්ලාදේශය තම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 565ක්.

එහිදී අතිවිශිෂ්ට ඉනිමක් ගොඩනැගූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 191ක් රැස්කිරීමට සමත් විය.

ඒ, හේතුවෙන් පාකිස්තානයට ලකුණු 117ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී පාකිස්ථාන දෙවන ඉනිම ලකුණු 146කට සීමා කරන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් බංග්ලාදේශයට ලකුණු 30ක පහසු ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය කිසිවෙකු නොදැවී පසුකර ගිය බංග්ලාදේශය මෙම වටිනා ජයග්‍රහණය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02