පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පොළී රහිත ණය මුදල් ලබාදීමේ යෝජනාව එන සතියේ කැබිනෙට්ටුවට

පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පොළී රහිත ණය මුදල් ලබාදීමේ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට යොමුකරන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

උසස් පෙළ විභාගයෙන් සමත් වුවද රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත්වීමට අවස්ථාව නොමැති සිසු සිසුවියන් 50,000කට
වාර්ෂිකව ලබාදෙන පොළී රහිත ණය මුදල සම්බන්ධයෙන් වූ යෝජනාව ඒ අනුව අමාත්‍ය මණ්ඩලයට යොමුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (26) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ණය යෝජනා ක්‍රමය යටතේ අධ්‍යයන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 09ක පොළී රහිත ණය මුදලක් හිමිවන බවයි.

ඊට අමතරව එදිනෙදා වියදම් කටයුතු සඳහා ද රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් හිමිවන බව ද ඔහු සඳහන් කළා.

මෙලෙස ලබාදෙන ණය මුදල පොළී රහිතව ආපසු ගෙවීම සඳහා ඉගෙනුම අවසන් කර, තවත් වසර 02ක කාලයක් ද හිමිවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46