spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පොළී රහිත ණය මුදල් ලබාදීමේ යෝජනාව එන සතියේ කැබිනෙට්ටුවට

පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පොළී රහිත ණය මුදල් ලබාදීමේ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට යොමුකරන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

උසස් පෙළ විභාගයෙන් සමත් වුවද රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත්වීමට අවස්ථාව නොමැති සිසු සිසුවියන් 50,000කට
වාර්ෂිකව ලබාදෙන පොළී රහිත ණය මුදල සම්බන්ධයෙන් වූ යෝජනාව ඒ අනුව අමාත්‍ය මණ්ඩලයට යොමුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (26) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ණය යෝජනා ක්‍රමය යටතේ අධ්‍යයන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 09ක පොළී රහිත ණය මුදලක් හිමිවන බවයි.

ඊට අමතරව එදිනෙදා වියදම් කටයුතු සඳහා ද රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් හිමිවන බව ද ඔහු සඳහන් කළා.

මෙලෙස ලබාදෙන ණය මුදල පොළී රහිතව ආපසු ගෙවීම සඳහා ඉගෙනුම අවසන් කර, තවත් වසර 02ක කාලයක් ද හිමිවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?