AFC Banner
AFC Banner
Empty Ad

පෞද්ගලික වතු සමාගම්වල කටයුතු ගැන ජනපති සමඟ සාකච්ඡා කිරීමට තීරණයක්

මෙරට වතු සමාගම්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට වැවිලි කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවති වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

රජය විසින් පවරාදීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ වතු සමාගම් අද වන විට තේ, රබර් ආදී භෝග වගාවන්ට වඩා වෙනත් කර්මාන්ත කෙරෙහි උනන්දු වන බවත්, ඔවුන් වතු නිසි ලෙස නඩත්තු නොකරන බවත්, සේවකයන්ගේ සුබසාධන පහසුකම් පිළිබද ‍උනන්දු නොවන බවත් මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරනු ලැබුවා.

එවැනි වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය සඳහා රජය සතු නිසි යාන්ත්‍රණයක් නොමැති වීම ගැටලුවක් බවයි මෙහිදී සාකච්ඡා වූයේ.

මෙම විශාල වතු සමාගම් කම්කරුවන්ට ඉතා සුළු වැටුපක් ගෙවන බවත් ඇතැම් වතුවල මූලික පහසුකම් පවා ලබා නොදෙන බවත් මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමු කරනු ලැබුවා.

ඉතා දුර්වල බදු ගිවිසුම් යටතේ මෙම වතු පෞද්ගලික අංශයට පවරා දී ඇති බැවින් මෙම වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය නියාමනය කිරීම අපහසුවී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම සමාගම් බොහෝමයක් යටිතල පහසුකම් සංවර්ධනය නොකරන බවත් විශේෂයෙන් තේ වගාව සිදු කරන ඇතැම් සමාගම් ඉන් ඈත්වී ඇති බවටත් නිරීක්ෂණය වන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. එවැනි සමාගම් යටතේ පවතින හෙක්ටයාර් විශාල ප්‍රමාණයක් වගාවකින් තොරව භාවිතයට නොගත් ඉඩම් ලෙස හඳුනාගෙන ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් ගැටලු විසදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මේ අතර පොල් වැනි වැවිලි භෝගවල දක්නට ලැබෙන ගැටලු සහ පළිබෝධකයන්ගෙන් සිදුවන බලපෑම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. පළිබෝධ උවදුර හේතුවෙන් නතර කර තිබූ මාතර දිස්ත්‍රික්කයේ පොල් වගාව යළි ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?