පෞද්ගලික වතු සමාගම්වල කටයුතු ගැන ජනපති සමඟ සාකච්ඡා කිරීමට තීරණයක්

මෙරට වතු සමාගම්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට වැවිලි කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවති වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

රජය විසින් පවරාදීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ වතු සමාගම් අද වන විට තේ, රබර් ආදී භෝග වගාවන්ට වඩා වෙනත් කර්මාන්ත කෙරෙහි උනන්දු වන බවත්, ඔවුන් වතු නිසි ලෙස නඩත්තු නොකරන බවත්, සේවකයන්ගේ සුබසාධන පහසුකම් පිළිබද ‍උනන්දු නොවන බවත් මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරනු ලැබුවා.

එවැනි වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය සඳහා රජය සතු නිසි යාන්ත්‍රණයක් නොමැති වීම ගැටලුවක් බවයි මෙහිදී සාකච්ඡා වූයේ.

මෙම විශාල වතු සමාගම් කම්කරුවන්ට ඉතා සුළු වැටුපක් ගෙවන බවත් ඇතැම් වතුවල මූලික පහසුකම් පවා ලබා නොදෙන බවත් මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමු කරනු ලැබුවා.

ඉතා දුර්වල බදු ගිවිසුම් යටතේ මෙම වතු පෞද්ගලික අංශයට පවරා දී ඇති බැවින් මෙම වතු සමාගම්වල ක්‍රියාකාරීත්වය නියාමනය කිරීම අපහසුවී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම සමාගම් බොහෝමයක් යටිතල පහසුකම් සංවර්ධනය නොකරන බවත් විශේෂයෙන් තේ වගාව සිදු කරන ඇතැම් සමාගම් ඉන් ඈත්වී ඇති බවටත් නිරීක්ෂණය වන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. එවැනි සමාගම් යටතේ පවතින හෙක්ටයාර් විශාල ප්‍රමාණයක් වගාවකින් තොරව භාවිතයට නොගත් ඉඩම් ලෙස හඳුනාගෙන ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් ගැටලු විසදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මේ අතර පොල් වැනි වැවිලි භෝගවල දක්නට ලැබෙන ගැටලු සහ පළිබෝධකයන්ගෙන් සිදුවන බලපෑම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. පළිබෝධ උවදුර හේතුවෙන් නතර කර තිබූ මාතර දිස්ත්‍රික්කයේ පොල් වගාව යළි ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39